A Kale lyrics

by

Iraj


(K Mac)
ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම
ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම
ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම
මේක මගේ කතාව අද තමයි සැමරුම

කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන්
මම පරන ඉස්කෝලේ කෝ දැන් ඒ මිතුරන්
කොළඹ නගරේ ඕන දෙයක් අදටත් නෑනේ සතුරන්
කැපවීම ලිව්වේ නැකත යන්න කිරි උතුරන්

පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි
පාරේ යද්දි ගන්නවා මගේ පින්තූරෙයි අත්සනයි
උඩ ගියේ නෑ මම තාමත් ඉන්නේ පොළොවේ
නිහතමානි වෙයන් ඉපදුනත් රජ මැදුරේ

(Chorus - Iraj)
ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

(K Mac)
නවත්තපු තැනින් පටන් ගන්නම් කතාව
ආවා ආයෙත් ඉරාජ් එක්ක මේක දෙවනි වතාව
පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාව
හරිම දේ හරිම විදියට හරිම වෙලාව
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net